මල් පෙරහැර එන්නා සේ හිඳිමි
ඔබ මහද පුරා ඇවිදින සුව විඳිමි
ගැල් පෙරහැර යන්නා සේ නිදමි
ඔබ අහක බලා ගිය පසු දුක් විඳිමි
ඒ දුක නිමක් නැති එනමුදු කමක් නැතී
යළි හිත හදා ගමි සදහට පතා එමි
හඹා එමි සදා ඔබම පතමී
නිල් තරු බිම විටිලා සේ දුටිමී
ඔබෙ නෙතු සඟලේ එළි සේරම දුටිමී
නිල් එළි පෙල දැවෙනා සේ දුටිමී
ඔබ ඉවත බලා ගිය දුක හා ගැටෙමී
සඳ රැජිනිය වඩිනා සේ දුටිමී
හිත ඇතුලෙන් පන්තේරූ නැටුම් නටමි
පෙරහැර මා හැරගිය බව දුටිමී
ඔබ මා ලඟ නැවතී ඇති බව දුටිමී
ඒ සැප නිමක් නැතී තාමත් පමා නැතී
ඔබෙ සිත බදා ගමී සදහට සිනාසෙමී
සිනාසෙමී සදා ඔබම පතමී
නිල් තරු බිම වැටිලා සේ දුටිමී
ඔබෙ නෙතු සඟලේ එළි සේරම දුටිමී
සඳ රැජිනිය වඩිනා සේ දුටිමී
සඳ ඇතුලෙන් පන්තේරු නැටුම් නටමී
ගැල් පෙරහැර යන්නා සේ නිදමි
ඔබ අහක බලා ගිය පසු දුක් විඳිමි
පෙරහැර මා හැරගිය බව දුටිමී
ඔබ අහක බලා ගිය දුක හා ගැටෙමී
ඒ දුක නිමක් නැති එනමුදු කමක් නැතී
යළි හිත හදා ගමි ඔබෙ සිත බදා ගමී
හඹා එමි සදා ඔබම පතමී
මල් පෙරහැර එන්නා සේ දුටුවා
ඔබ මහඳ පුරා ඇවිදින සුව වින්දා
පෙරහැර මා හැරගිය බව දුටුවා
ඔබ අහක බලා ගිය පසු දුන් වින්දා
Sing Lanka - සිංහල සින්දු
Sing-along | Popular Sri Lankan Song Lyrics for your enjoyment!
Search Song | ගීතය සොයන්න
මීන නුවන් - Victor Rathnayaka
මීන නුවන් යුගින් බලන් මීනා මීනා
තල් අරඹේ තල් පවුරෙන් එබී බලන් මීනා
බලන්න බෑ බණ්ඩාරේ
උඩරට කුල නිල බල යුතු
බණ්ඩාරේ - බණ්ඩාරේ
ඔබ කෝවිල් එන්නෙත් නෑ
මට පන්සල් එන්නත්බෑ
අපි ඈතයි අපි ඈතයි
බණ්ඩාරේ - බණ්ඩාරේ...
අත්වැල් බැඳ කෝවිල් යමු
පෝය දාට පන්සල් යමු
මෘදංග නද ගැටබෙර හඬ
අපගේ දෙසවනට එකයි
තල් අරඹේ තල් පවුරෙන් එබී බලන් මීනා
බලන්න බෑ බණ්ඩාරේ
උඩරට කුල නිල බල යුතු
බණ්ඩාරේ - බණ්ඩාරේ
ඔබ කෝවිල් එන්නෙත් නෑ
මට පන්සල් එන්නත්බෑ
අපි ඈතයි අපි ඈතයි
බණ්ඩාරේ - බණ්ඩාරේ...
අත්වැල් බැඳ කෝවිල් යමු
පෝය දාට පන්සල් යමු
මෘදංග නද ගැටබෙර හඬ
අපගේ දෙසවනට එකයි
දෑස පා සිනා - Irene De Alwis
දෑස පා සිනා කියන රහස තේරුණා
පෙම් ලොවක් දෙපා මුලේ මවා දෙමී
අද වගේ හෙටත් ඔබේ ලඟින් ඉමි......
දෑස පා සිනා කියන රහස තේරුණා
පෙම් ලොවක් දෙපා මුලේ මවා දෙමී
අද වගේ හෙටත් ඔබේ ලඟින් ඉමි......
තුරුණු ජිවිතේ මී වගේ රසයි
මා අලුත් වුනේ.. සුදු ඔයා නිසයි.......
තුරුණු ජිවිතේ මී වගේ රසයි
මා අලුත් වුනේ.. සුදු ඔයා නිසයි......
මා දෙපා තබන්නේ ඔබ දෙපා තැබූ බිමයි
ඔබගේ සුවඳ රැගෙන එන සුළං සැපයි
දෑස මාගේ මත් කෙරූ දසුන් යසයි
දෑස පා සිනා කියන රහස තේරුණා
පෙම් ලොවක් දෙපා මුලේ මවා දෙමී
අද වගේ හෙටත් ඔබේ ලඟින් ඉමි......
මහද පෙම් විලේ මල් පිපි සැලේ
අපගේ ආදරේ.. තරු පහන් දිලේ......
මහද පෙම් විලේ මල් පිපි සැලේ
අපගේ ආදරේ.. තරු පහන් දිලේ........
සුරංගනා ලොවක් බලා හෙමින් පියා සලා
සිත සුළඟෙ පටලැවී තුරුල් වෙලා
එන්න යන්න දැන් ඉතින් පියාඹලා
දෑස පා සිනා කියන රහස තේරුණා
පෙම් ලොවක් දෙපා මුලේ මවා ගෙනේ
අද වගේ හෙටත් ඔබේ ලඟින් ඉමි......
දෑස පා සිනා කියන රහස තේරුණා
පෙම් ලොවක් දෙපා මුලේ මවා ගෙනේ
අද වගේ හෙටත් ඔබේ ලඟින් ඉමි......
පෙම් ලොවක් දෙපා මුලේ මවා දෙමී
අද වගේ හෙටත් ඔබේ ලඟින් ඉමි......
දෑස පා සිනා කියන රහස තේරුණා
පෙම් ලොවක් දෙපා මුලේ මවා දෙමී
අද වගේ හෙටත් ඔබේ ලඟින් ඉමි......
තුරුණු ජිවිතේ මී වගේ රසයි
මා අලුත් වුනේ.. සුදු ඔයා නිසයි.......
තුරුණු ජිවිතේ මී වගේ රසයි
මා අලුත් වුනේ.. සුදු ඔයා නිසයි......
මා දෙපා තබන්නේ ඔබ දෙපා තැබූ බිමයි
ඔබගේ සුවඳ රැගෙන එන සුළං සැපයි
දෑස මාගේ මත් කෙරූ දසුන් යසයි
දෑස පා සිනා කියන රහස තේරුණා
පෙම් ලොවක් දෙපා මුලේ මවා දෙමී
අද වගේ හෙටත් ඔබේ ලඟින් ඉමි......
මහද පෙම් විලේ මල් පිපි සැලේ
අපගේ ආදරේ.. තරු පහන් දිලේ......
මහද පෙම් විලේ මල් පිපි සැලේ
අපගේ ආදරේ.. තරු පහන් දිලේ........
සුරංගනා ලොවක් බලා හෙමින් පියා සලා
සිත සුළඟෙ පටලැවී තුරුල් වෙලා
එන්න යන්න දැන් ඉතින් පියාඹලා
දෑස පා සිනා කියන රහස තේරුණා
පෙම් ලොවක් දෙපා මුලේ මවා ගෙනේ
අද වගේ හෙටත් ඔබේ ලඟින් ඉමි......
දෑස පා සිනා කියන රහස තේරුණා
පෙම් ලොවක් දෙපා මුලේ මවා ගෙනේ
අද වගේ හෙටත් ඔබේ ලඟින් ඉමි......
පබසර රන් පබළු - මර්වින් පෙරේරා
පබසර රන් පබළු
මිණිමුතු කැන් ඔපලූ
රජ කිරුළු අගය නැතේ
ඔබෙ හද මල් උයනේ
නැළවෙන මල් පවනේ
දිළිඳු පැලේ එළිය ඇතේ
ගඟ බැස එයි සයුර බලා
හිරු හිනැහේ නෙළුම නෙලා
නෙත සිත හා එකතු වෙලා
ඔබ දැකුමෙන් උමතු වෙලා
කළුවර රෑ රළු අහසේ
තරුවැල හා අඩ සඳ සේ
නොපිරුණු මේ සිතට මගේ
ඔබ ගෙන එයි සතුට අගේ
මිණිමුතු කැන් ඔපලූ
රජ කිරුළු අගය නැතේ
ඔබෙ හද මල් උයනේ
නැළවෙන මල් පවනේ
දිළිඳු පැලේ එළිය ඇතේ
ගඟ බැස එයි සයුර බලා
හිරු හිනැහේ නෙළුම නෙලා
නෙත සිත හා එකතු වෙලා
ඔබ දැකුමෙන් උමතු වෙලා
කළුවර රෑ රළු අහසේ
තරුවැල හා අඩ සඳ සේ
නොපිරුණු මේ සිතට මගේ
ඔබ ගෙන එයි සතුට අගේ
ඔබ පෑව හසරැල්ල - හෙන්රි කල්දේරා (Oba Pawa Hasarella - Henry Caldera)
ඔබ පෑව හසරැල්ල මට තේරුනා
ඒ රන් සිනා රැල්ලෙ රස බේරුනා
සෙවනැල්ල ලෙස ඉන්න මම දන්නවා
ඔය දෑත මට දෙන්න මම ගන්නවා...
හොරැහින් බලා යන්නෙ නොබලා වගේ
මම දන්නවා සොඳුර මැණිකේ අගේ
සතුටයි දුකයි හොඳට පුරුදුයි ප්‍රියේ
මට දෙන්න ඔබෙ ආදරේ
පිළිගන්න මගෙ ආදරේ...
හැඟුමක් තිබේ දනිමි සඟවන්නෙපා
දිලිඳු ඔබේ දෑස හඬවන්නෙපා
සඳ සේ සිනා සෙන්න සඳමාලියේ
පෝදාට සඳ පෑ ලෙසේ
පිහගන්න කඳුලැල් ඇසේ...
ඒ රන් සිනා රැල්ලෙ රස බේරුනා
සෙවනැල්ල ලෙස ඉන්න මම දන්නවා
ඔය දෑත මට දෙන්න මම ගන්නවා...
හොරැහින් බලා යන්නෙ නොබලා වගේ
මම දන්නවා සොඳුර මැණිකේ අගේ
සතුටයි දුකයි හොඳට පුරුදුයි ප්‍රියේ
මට දෙන්න ඔබෙ ආදරේ
පිළිගන්න මගෙ ආදරේ...
හැඟුමක් තිබේ දනිමි සඟවන්නෙපා
දිලිඳු ඔබේ දෑස හඬවන්නෙපා
සඳ සේ සිනා සෙන්න සඳමාලියේ
පෝදාට සඳ පෑ ලෙසේ
පිහගන්න කඳුලැල් ඇසේ...
සයුරෙහි පාවී - මිල්ටන් මල්ලවාරච්චි (Sayurehi Paavi - Milton Mallawaarachchi)
සයුරෙහි පාවී වෙන් වී ගියේ
ඔබ ළඟ රන්දා මගේ ආදරේ...
දිනකර දවාලයි දවස පුරා මා
හිමකර නැඟේ මුදු සිසිල සලා
දවස පුරා හෝ මුළු රැය පුරා හෝ
ඔබ මා හදේ යාවේ සුසුම් ලෙසේ...
දවස ගෙවී යයි දියඹ සරා මා
ඈත ඇදේ යළි දියත පුරා
දුරු රටක දී හෝ ළඟපාත දී හෝ
ඔබ මා හදේ යාවේ සුසුම් ලෙසේ...
ඔබ ළඟ රන්දා මගේ ආදරේ...
දිනකර දවාලයි දවස පුරා මා
හිමකර නැඟේ මුදු සිසිල සලා
දවස පුරා හෝ මුළු රැය පුරා හෝ
ඔබ මා හදේ යාවේ සුසුම් ලෙසේ...
දවස ගෙවී යයි දියඹ සරා මා
ඈත ඇදේ යළි දියත පුරා
දුරු රටක දී හෝ ළඟපාත දී හෝ
ඔබ මා හදේ යාවේ සුසුම් ලෙසේ...
මී කැකුණ කැළේ - Mee Kakuna Kele (Priya Sooriyasena)
මී කැකුණ කැළේ ගඟේ එහා කොනේ
මගෙ සුදු හාමිනේ... සුදු හාමිනේ
නුඹෙ සීදේවී රූ සිරී
මගෙ නේදෝ මා රූබරී.....
රට කාසී රිදී මලු ඕනෑ නෑ
මට සෑහේවි ශ්‍රීයාව මූණේ
දුර යාවී ද මා දාල හා හා එපා...
ගුරු පාරේ එළා රතු පාවාඩේ
යන ලීලේට ආසාවෙ බෝ මා
මම මහ රාජා වූ දාට මාගේ බිසෝ..
මගෙ සුදු හාමිනේ... සුදු හාමිනේ
නුඹෙ සීදේවී රූ සිරී
මගෙ නේදෝ මා රූබරී.....
රට කාසී රිදී මලු ඕනෑ නෑ
මට සෑහේවි ශ්‍රීයාව මූණේ
දුර යාවී ද මා දාල හා හා එපා...
ගුරු පාරේ එළා රතු පාවාඩේ
යන ලීලේට ආසාවෙ බෝ මා
මම මහ රාජා වූ දාට මාගේ බිසෝ..
හද පතුලේ - මිල්ටන් මල්ලවආරච්චි (Hada Pathule - Milton Mallawaarachchi)
හද පතුලේ .... හසරැල්ල කඳුලැල්ල කැලබිල්ල මා නම් ඔබේ
දිවි කතරේ .... ගගුලැල්ල නලරැල්ල සැනසිල්ල වෙන්නම් ඔබේ
මුසාවන් ගොතා අනුන් කී කතා
නොමැකෙ කෙසේදෝ සිතේ
අතීතේ කතා එපා දැන් එපා
මා දැන් ඔබේ ජීවිතේ
අපේ ආදරේ බිදී යා නොදේ
හිනේහෙන්න පියුමි මගේ
පැතූ සේ සදා ඔබේ මා ඔබේ
නැලවෙන්න පියුමි මගේ
දිවි කතරේ .... ගගුලැල්ල නලරැල්ල සැනසිල්ල වෙන්නම් ඔබේ
මුසාවන් ගොතා අනුන් කී කතා
නොමැකෙ කෙසේදෝ සිතේ
අතීතේ කතා එපා දැන් එපා
මා දැන් ඔබේ ජීවිතේ
අපේ ආදරේ බිදී යා නොදේ
හිනේහෙන්න පියුමි මගේ
පැතූ සේ සදා ඔබේ මා ඔබේ
නැලවෙන්න පියුමි මගේ
උපුල් නුවන් විදහා - මිල්ටන් මල්ලවාරච්චි (Upul Nuwan Widaha - Milton Mallawarachchi)
උපුල් නුවන් විදහා
ඔබ සිනාසුණා
මම සිනාසුණා
පුළුන් පොදක් කළ මා
ළඳකි වාසනා
නම මෝනාලිසා
ඔබ සිනාසුණා
මම සිනාසුණා
පුළුන් පොදක් කළ මා
ළඳකි වාසනා
නම මෝනාලිසා
හද පාරන මාරුතයේ
ඔබ ආ හැටි ආදරියේ
හැමදාකම මා පැතුවේ
සුවඳයි මලයි ඔබමයි
ඔබ ආ හැටි ආදරියේ
හැමදාකම මා පැතුවේ
සුවඳයි මලයි ඔබමයි
ගිමන් නිවා යන ගමනේ වාරු නගාලා
තුරුල් වුණා ඇය හිරිපොද හැඟුම් සලාලා
පැතුම් විමානේ දැල් කවුළුවෙන් බලාලා
දුටු වුවනයි නිසල කළේ මා හද ජාලා
තුරුල් වුණා ඇය හිරිපොද හැඟුම් සලාලා
පැතුම් විමානේ දැල් කවුළුවෙන් බලාලා
දුටු වුවනයි නිසල කළේ මා හද ජාලා
තරුමල් යායම - ගුණදාස කපුගේ (Tharu Mal Yaayama - Gunadasa Kapuge)
තරුමල් යායම පොඩිකර අහස් විලේ
ඉර හඳ මිරිකා දියකර සාගරයේ
අදුරේ උන්නෙමි ලොවම එපාවී
මා හැර දා ඈ ගිය දවසේ
ඉර හඳ මිරිකා දියකර සාගරයේ
අදුරේ උන්නෙමි ලොවම එපාවී
මා හැර දා ඈ ගිය දවසේ
නුවර උයන් මැද හමුවූ ළඳුන් නැතී
යටැසින් බැලු රහසින් කතා නැති
තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින්
එකම ළඳක් වෙත පෙම්කළ නිසාවෙනි
යටැසින් බැලු රහසින් කතා නැති
තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින්
එකම ළඳක් වෙත පෙම්කළ නිසාවෙනි
දුක පැවසූවෙමි අසනා කෙනෙක් නැතී
පාළු නැසූවෙමි තනියට කෙනෙක් නැතී
තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින්
එකම ළඳක් වෙත පෙම්කළ නිසාවෙනි
පාළු නැසූවෙමි තනියට කෙනෙක් නැතී
තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින්
එකම ළඳක් වෙත පෙම්කළ නිසාවෙනි
Subscribe to:
Posts (Atom)