Search Song | ගීතය සොයන්න

ඈත රන් විමන් තුළින් - ප්‍රියා සූරියසේන (Aatha Ran Wiman Thulin - Priya Suriyasena)

ඈත රන් විමන් තුළින් පාට සේලයෙන් සැදී
මුදු සීත හිම මුදුන් අතරින් එබී බලනවා
ආ හා හා හා හා

මේ ලොවෙන් එහා සිටන්
ඈත ලෝකයෙන් ඇවිත්
මුදු නීල පීත ලෝහිත
ඈත දිලෙනවා ආ හා හා හා හා
රෑට තරු දහස් ගණන්
ඈත සුරපුරෙන් වැටී
අද රෑට අද රෑට අද රෑට දිලෙනවා
ආ හා හා හා හා

ගීත රාවයෙන් සැලී
දෑත ආදරෙන් වෙලී
ඔබ කීව පෙම් කතා ඇසුරෙන්
ගීත මැවෙනවා
ආ හා හා හා හා