Search Song | ගීතය සොයන්න

අහස් ගැඹේ තරු කැට ගානේ - චරිතා ප්‍රියදර්ශනී පීරිස් (Ahas Gabe Tharu Kata Gaane - Charitha Priyadharshani Peiris)

අහස් ගැඹේ තරු කැට ගානේ
පොළෝතලේ වැලි කැට ගානේ
නිල් සයුරේ රළ පෙළ ගානේ
ආදරෙයි මං ආදරෙයි
වඳුළු සිරස පිපි මල්ගානේ
විහඟ තුඩක කිචි බිචි ගානේ
සිහිල සිඹින මදනල ගානේ
ආදරෙයි මං ආදරෙයි
පිපෙන මියෙන හිරු සඳු ගානේ
සිතෙහි පිරෙන සිතිවිලි ගානේ
සිහින ගෙනෙන හැම රෑ ගානේ
ආදරෙයි මං ආදරෙයි