අවසන් සැඳෑවයි දෙදෙනා හමු වූ
මින් මතු නෑ අප හමු වන්නේ
දෛවය ළං කළ අප දෙදෙනාදෝ
වෙන් වී යන්නට සැරසෙන්නේ
මින් මතු නෑ අප හමු වන්නේ
දෛවය ළං කළ අප දෙදෙනාදෝ
වෙන් වී යන්නට සැරසෙන්නේ
ඔබගේ සුන්දර සමනළ ලෝකය
බිඳලන්නට බැහැ කුරිරු වෙමින්
කඳුළු දරාගෙන වෙන් වී යන්නට
සමුදෙනු මැනවි සුහද සිතින්
බිඳලන්නට බැහැ කුරිරු වෙමින්
කඳුළු දරාගෙන වෙන් වී යන්නට
සමුදෙනු මැනවි සුහද සිතින්
ඉඳ හිට මග තොට හමුවන මොහොතක
ඉවත බලාගෙන යන්න එපා
මේ සංසාරෙදි මා නොපැතූවත්
එය හඟවා රිදවන්න එපා
ඉවත බලාගෙන යන්න එපා
මේ සංසාරෙදි මා නොපැතූවත්
එය හඟවා රිදවන්න එපා