Search Song | ගීතය සොයන්න

බඹරෙකු ඇඬුවා - අබේවර්ධන බාලසූරිය (Bambareku Anduwa - Abeywardana Balasuriya)

බඹරෙකු ඇඬුවා මලක් ළඟදි බඹරෙකු ඇඬුවා
ඇඬුවා... මලක් ළඟදි බඹරෙකු ඇඬුවා
ඇහේ කඳුලු ඇති ඒ බඹරිඳු දැක
අඬන්නෙ ඇයිදෝ මල ඇසුවා මල ඇසුවා
ලන්ද එහා ඇති ඕවිට පාමුල
කේතකි මල මට බහ දුන්නා
කවුදෝ ඇවිදින් එ මල නෙලූ බව
ඉකිබිඳිමින් බඹරිඳු කීවා
ඇහේ කඳුලු නොව හිතේ කඳුලු දැක 
ඇයටත් හරියට දුක හිතුණා
එහෙනම් මා වෙත පියඹා එන්නයි
සෙනෙහෙ සිතින් ඒ මල කීවා..