Search Song | ගීතය සොයන්න

දිවි කතරට ගංගාවයි - රෝහණ බෝගොඩ (Diwi Katharata Gangaawai - Rohana Bogoda)

දිවි කතරට ගංගාවයි මට හමුවු ගංගා
දිවි ඇති තුරු මගෙ සරනට ඔබම වේය ගංගා
දිවි ගමනේ ජය මාවත හදුනා දුන් ගංගා
ඔබෙ සෙනෙහස නොලැබුනු දා මා තනිවෙයි ගංගා
මලක මෙලෙක කියා දුන්නේ ඔබෙ දෑතයි ගංගා
ඒ අයුරින් මා සිත සතපවන්න මගෙ ගංගා
පුර සද සේ මුව මඩලින් සෙනෙහස දුන් ගංගා
හැම දිනකම මා හමුවී සිනාසෙන්න ගංගා

ඊයේ රෑ මා සිහිනෙන් දුටුවේ ඔබයි ගංගා
මා හැරදා අළුයම ඔබ වෙන්න ගියා ගංගා
මේ අයුරින් හැම දිනකම සිත සනහා ගංගා
වෙන්ව නොයා ජීවි‍තේ අරුණ වෙන්න ගංගා