Search Song | ගීතය සොයන්න

දුර යන්න හිතුවාට - සශිකා නිසංසලා (Dura Yanna Hithuwata - Sashika Nisansala)

දුර යන්න හිතුවාට සැඟවි හොරෙන්
ඔබ නැතුව මම ඉන්නේ කොහොමද ඉතින්
වාවන්න බැරි කඳුළු ආවත් නෙතින්
හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබේන්

අවුතැන් වෙලා ළැමතුරේ පෙම් හැඟුම්
හීනෙකින් හෝ තවකෙකුට ඔබ නොදමි මං
එක්වෙන්න සංසාරේ පිං මදි නම්
අපි දෙන්නා එකතැනම මිය යමු ඉතින්

දහසක් නුවන් මා දෙසම නපුරෙන් බලන්
ඉන්නා නිසා හමුවෙන්න බෑ අපට දැන්
එක්වෙන්න සංසාරේ පිං මදි නම්
අපි දෙන්නා එකතැනම මිය යමු ඉතින්