Search Song | ගීතය සොයන්න

හිඳීවි කොතැනක හෝ... - සුනිල් එදිරිසිංහ (Hindivi Kothanaka Hoo - Sunil Edirisinghe)

හිඳීවි කොතැනක හෝ
හිමි කාරයා උපන් නුඹේ නමින්
වඩීවි කෙදිනක හෝ
ඒ එනතුරා හිත හදාගෙන ඉඳින්
ගඟකට සයුරක් මුණ ගැසේවී
රළකට වෙරළක් මඟ හිඳීවී
නියඟට වැස්සක් ඇද හැලේවී
නුඹටත් කෙනෙක් හිඳීවී
දවසක සොයාන ඒවී

අකුලක පිපෙන නැවුම් මලක් සේ
නදියක නැගෙන තරංගයක් සේ
නළලත සිඹින පවන් රොදක් සේ
නොසිතුව විටෙක ලඟාවී
නුඹ විඳි අඳුර නිවාවී