හදිස්සියේ හනි හනිකට පය තබනා
රුවැත්තියේ නුඹ සිටිනා ගම කොතනා
දෑත සලා කිංකිණී නද දෙවන්නී
දෑස සලා මොන මොනවද කියන්නී
යටින් හොරෙන් එබිකම් කර බලන්නී
යටින් හොරෙන් එබිකම් කර බලන්නී
ළඳේ ඔබයි මගේ දුක් ගිනි නිවන්නී
රෑන කිතුල් මල පිටමැද හෙලන්නී
සිහින් පබළු වැල් ගෙල වට බදින්නී
කෝල නැවුම් සිනා දැලක් හෙලන්නී
කෝල නැවුම් සිනා දැලක් හෙලන්නී
ළඳේ ඔබයි මගේ දුක් ගිනි නිවන්නී