පායා ඇයි හිනැහෙන්නේ
නිල් ගුවනේ තරු රාශි
ඇතිවී නැති වී නම් ඇගෙ මුහුණේ
නිල්වන් දෙනෙතේ කාන්ති
නිල් ගුවනේ තරු රාශි
ඇතිවී නැති වී නම් ඇගෙ මුහුණේ
නිල්වන් දෙනෙතේ කාන්ති
ඇගෙ වත මට නොපෙනේ නම්
පුන්සද ඇයි හිනැහෙන්නේ
නැති දා ඇගෙ ගී රාවේ
කොවුලනි ඇයි ගී ගැයුවේ
කොවුලනි ඇයි ගී ගැයුවේ
වනයේ පිපි මල් ගොමුවේ
සමනලයිනි ඇයි හැඩුවේ
ඇති වී නැති වී නම් ඇගෙ මුහුණේ
නිල් වන් දෙනෙතේ කාන්ති
සමනලයිනි ඇයි හැඩුවේ
ඇති වී නැති වී නම් ඇගෙ මුහුණේ
නිල් වන් දෙනෙතේ කාන්ති
ඇගෙ දිමුතු දසන් නොපෙනී
මට මොකටද මුතු පන්තී
ඇගෙ කදුලැලි ඇති විටදී
ඕනැ නැ දියමන්තී