Search Song | ගීතය සොයන්න

පෘතුගීසී කාරයා - ජෝතිපාල H.R. (Pruthugisikaaraya - Jothipala H.R)

පෘතුගීසී කාරයා රටවල් අල්ලන්න සූරයා
හතුරු රාජ මාරයා මුළු ලෝ හොල්ලන්න වීරයා
කොළඹට ආවේ ඉඳලයි ලිස්‌බන් නගරේ
අප ආ පාරේ පැතිරේ විනෝද මිහිරේ
පැතිරෙයි විනෝද මිහිරේ
අපේ තුවක්‌කු හොඳ හැටි කාල තුවක්‌කු
ගහන්න වෙනවා වැදුනොත් ලෝකෙට මුක්‌කු
වැදුනොත් ලෝකෙට මුක්‌කු
කන්න හපන්නු බොන්නත් හරිම හපන්නු
ඊටත් වැඩියෙන් යුද්දෙට හරිම හපන්නූ
යුද්දෙට හරිම හපන්නු විනෝද මිහිරේ