Search Song | ගීතය සොයන්න

සැලෙන ලෙලෙන දළුව විලස - ජෝතිපාල H.R. (Salena Lelena Daluwa Wilasa - Jothipala H.R)

සැලෙන ලෙලෙන දළුව විලස නිතඹ නළෝලා
ප්‍රිය උකුළු මුකුළු කැකුළු කුමුදු සිනහ නගාලා
ළිංවතුර පිරිණු කළය ලලිත උකුලේ තබාලා
මල් ඔමරි බොමරි ගමනක යන මට පිටුපාලා
අඩ සඳයි ඔබේ නළල් තලේ පෙනෙන්නේ
රණ මොණර පිළයි කෙස්‌ කළඹේ දිලෙන්නේ
හැඩ වළලු අතේ දමාලා හඞ සිලින් සිලින් නගාලා
යන ලතාවටයි දායදරේ හිතෙන්නේ

මේ කැලේ මලේ ඔබ කොහිදෝ උපන්නේ
ඝන වනන්තරේ කොතැනටදෝ ඇදෙන්නේ
ජය බුලත් විටක්‌ හපාලා තොල් රතට රතේ විදාලා
ඇයි මැණිකේ මගේ හනි හනිකේ දුවන්නේ