Search Song | ගීතය සොයන්න

මදු මල ලෙස - මිල්ටන් මල්ලවාරච්චි (Madu Mala Lesa - Milton Mallawarachchi)

මදු මල ලෙස මෘදු මාගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි
ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි
අපමන සිතුවිලි බිහිවි තෙරපිලි එකිනෙක පැටලෙන්නේ
කොහොම පටන්ගෙන මොනව ලියන්නද නැත මට වැටහෙන්නේ
කෙටියෙන් පවසමි මගේ ආදරියේ කීමට ඇති සැමදේ
පරෙවි රැජිනියේ එදා වගෙ අදත්
ඔබට තවම මම ආදරෙයි..
හිත ගොලු වෙනවා අත වෙව්ලනවා හදවත ගැස්සෙනවා
ලිපියෙහි කොලයට මුහුන යොමන කොට නෙත් දෙක පියවෙනවා
කෙටියෙන් පවසමි මගෙ ආදරියේ කීමට ඇති සැමදේ
පරෙවි රජිනියේ එදා වගේ අදත්
ඔබට තවම මම ආදරෙයි..