මුතු සෙව්වෙමි මුතු ද හමු වුණා
මිණි සෙව්වෙමි මිණි ද සතු වුණා
රන් සෙව්වෙමි රන් ද හිමි වුණා
නොලද එකම දෙය පමණකි ඔබගෙ ආදරේ
මිණි සෙව්වෙමි මිණි ද සතු වුණා
රන් සෙව්වෙමි රන් ද හිමි වුණා
නොලද එකම දෙය පමණකි ඔබගෙ ආදරේ
මල් පැතුවෙමි මල් ද පිබිදුණා
පැණි පැතුවෙමි පැණි ද ඉතිරුණා
රස පැතුවෙමි රස ද වැටහුණා
නොලද එකම දෙය පමණකි ඔබගෙ ආදරේ
පැණි පැතුවෙමි පැණි ද ඉතිරුණා
රස පැතුවෙමි රස ද වැටහුණා
නොලද එකම දෙය පමණකි ඔබගෙ ආදරේ
නිල්බර සඳ පතා පල නැතේ
බැබලෙන තරු පතා පල නැතේ
කිඳුරු ලියන් පතා පල නැතේ
පතන එකම එක වස්තුව ඔබය පිය කතේ
බැබලෙන තරු පතා පල නැතේ
කිඳුරු ලියන් පතා පල නැතේ
පතන එකම එක වස්තුව ඔබය පිය කතේ