පෙර එක දවසක සඳ නැති සවසක
ඔබ මා සමුගත් ඉවුරු තලාවේ
යළි අප හමුවේවා
යළි අප හමුවේවා
ඔබ මා සමුගත් ඉවුරු තලාවේ
යළි අප හමුවේවා
යළි අප හමුවේවා
ආල හැඟුම් දෙන කොමල සිනාවෙන්
මගේ පැතුම් ලොව සසල කලා සේ
නීල නුවන් ඇති දෑල වලින් ඔය
තවත් ලොවක් ඔබ එළිය කලාවේ
මගේ පැතුම් ලොව සසල කලා සේ
නීල නුවන් ඇති දෑල වලින් ඔය
තවත් ලොවක් ඔබ එළිය කලාවේ
එකම වරක් හෝ නෙත සනසන්නට
ආශාවෙන් මා ඔබ දෙස බලලා
එකම වරක් නොව එක හෝරාවක
දහස් වරක් මා මනසින් හැඬුවා
ආශාවෙන් මා ඔබ දෙස බලලා
එකම වරක් නොව එක හෝරාවක
දහස් වරක් මා මනසින් හැඬුවා