Search Song | ගීතය සොයන්න

පොඩි දුවගේ සිනා වැලයි - සෝමතිලක ජයමහ (Podi Duwage Sina Walai - Somathilaka Jayamaha)

පොඩි දුවගේ සිනා වැලයි
පොඩි පුතුගේ කතා පෙලයි
ප්‍රිය බිරිදගෙ සෙනේ විලයි
මගේ නිවන මගේ පැල්පතයි
කටු මැටි ගැ බිත්ති පුරා
පළිඟු මැණික් එළිය දිලේ
ගොම මැටි ගෑ ගෙබිම මගේ
පියවිලි බුමුතුරු ව‍‍ගේ…
ලබන නමුත් දුක් පීඩා
කූඩු වුනොත් පුංචි පැලේ
අඹුදරුවන් අතර තුරේ
මට නිම්නැති සුවය දැනේ