සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙලන රෑ
මකුළු දැලෙන් සිලි සිලියේ වියන් බඳින රෑ
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ..
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ...
මකුළු දැලෙන් සිලි සිලියේ වියන් බඳින රෑ
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ..
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ...
සඳෙන් සඳට මුවාවෙලා කල දවසක් ගෙවී ගිහින්
නෙතට නුහුරු කදුළු බිංදු පැදුරට මුහු වෙලා ගිහින්
යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ..
යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ...
නෙතට නුහුරු කදුළු බිංදු පැදුරට මුහු වෙලා ගිහින්
යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ..
යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ...
යහන තලා සැප විඳිනා පල දී නැතුවා පෙර පින්
මාල වළලු නොතින් අයට අප අමතක වෙලා ගිහින්
යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ..
යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ...
මාල වළලු නොතින් අයට අප අමතක වෙලා ගිහින්
යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ..
යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ...