Search Song | ගීතය සොයන්න

සිත ඔබ පාමුල - දීපිකා ප්‍රියදර්ශනී (Sitha Oba Paamula - Deepika Priyadarshani)

සිත ඔබ පාමුල සතපා
බිඳි සෙනෙහස ගිනි උහුලා
අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්
ඔබට සෝතැවුල් නොම වේවා..

අසුරු සැනක් වූ රුසිරු අතීතය
සිහිනෙන් ගෑ මුදු සුවඳක් සේ
සඳා රැදේ‍වා...ඔබේ ලොවේ

ඔබට පිදුම් වූ සිතක විලාපය
කැටපත් පවුරක ගීයක් සේ
සදා රැදේවා...ඔබේ හදේ