Search Song | ගීතය සොයන්න

සිතින් විතරක්‌ පෙම් කරන්නම් - චාමර වීරසිංහ (Sithin Witharak Pem Karannam - Chamara Weerasinghe)

සිතින් විතරක්‌ පෙම් කරන්නම්
දුරින් හිද ඔබ දෙස බලන්නම්
ලංව ඉන්නට බෑ ඔබේ අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ
නිසල නෙතින් ඔබ මදෙස බලා හිදී
දෙතොල් ඔබගේ මදහසින් සැරසේ
දෙනෙත් ඔබවෙත පාකරනු බෑ දෙතොල් සිනහා මවනු මට බෑ
අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ
සසල උනත් මගේ සිතුවිලි ඔබ ලග
නිසල කරන් මම ඉන්නම් සැම දින
කාත් කවුරුවත් නොමැති මා හට ඔබත් අහිමිව ගියපු අරුමය
අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ