Search Song | ගීතය සොයන්න

අභිසාරිකාවන්ගේ - ගුණදාස කපුගේ (Abhisaarikaawange - Gunadasa Kapuge)

අභිසාරිකාවන්ගේ 
උන්මාද නෙතු අතරේ
අයාලේ ගිය ජීවිතේ 
ඔබෙනි ඵල ගැනුනේ
රාග ගිනි ජාලාවේ
ප්‍රේමයේ උණුසුම් සුසුමේ
වෙනස ඔබෙනි දැනුනේ
අයාලේ ගිය ජීවිතේ 
ඔබෙනි ඵල ගැනුනේ
ආදරය යන වදනේ
මනු‍ලොවේ මිනිසත් භවයේ
මහිම ඔබෙනි හැඟුනේ
අයාලේ ගිය ජීවිතේ 
ඔබෙනි ඵල ගැනුනේ