Search Song | ගීතය සොයන්න

ආදරය සුන්දර වරදකි - කරුණාරත්න දිවුල්ගනේ (Adaraya Sundara Waradaki - Karunarathna Diwlgane)

ආදරය සුන්දර වරදකි
කිසිදා සමාවක්‌ නම් නැති
මට පෙන්නලා ආලේ හැටි
නුඹ දුන්නු දුක හොඳටම ඇති
ඉඳුවර නුවන් දෑලේ වැටී පෑහී
බැහැරී වෙලී උන්මාද වූයේ මා
වෙනකෙකු දිහා බැලුමට යලිත්
මට නෙත් නැතැයි කෙඳිරුවේ කවුරුන්දෝ
පුළුලුරුතලා වීණා බඳින් දැවටී
රතැඟිලි බැඳී නින්නාදයේ අනුරා
හද ස්‌වර පවා කම්පිත වෙවී
මට මා පවා නැති කලේ කවුරුන්දෝ