ආදරියේ රුචිරාණනියේ
ලියලනවා තව තව ශෝකේ
වැලපෙනවා මා අද හිර ගේ
ආදරියේ රුචිරාණනියේ
ලියලනවා තව තව ශෝකේ
වැලපෙනවා මා අද හිර ගේ
ආදරියේ රුචිරාණනියේ
මගෙ ආදරියේ සුව නින්දේ
රස සිහින වැලේ එතිලා
හමනා සුළඟද මේ එන්නේ
කවදද ඇයගේ මුව කමලේ
ඔද වැඩෙන සිනා රසයේ
ගිලිලා යලි මා සැනසෙන්නේ
රස සිහින වැලේ එතිලා
හමනා සුළඟද මේ එන්නේ
කවදද ඇයගේ මුව කමලේ
ඔද වැඩෙන සිනා රසයේ
ගිලිලා යලි මා සැනසෙන්නේ
මා හා ඇයි මේ සතුරු වැල මැද
කඳුළු පෙරා සිහලුන් මේ ලොවේ
නෑ නෑ ළත වෙන්නේ
බල පා තෙද පා දැඩි එඩි පා
මේ යදම් කඩා පුපුරා යන සේ
කකියා යයි රුහිරේ
කඳුළු පෙරා සිහලුන් මේ ලොවේ
නෑ නෑ ළත වෙන්නේ
බල පා තෙද පා දැඩි එඩි පා
මේ යදම් කඩා පුපුරා යන සේ
කකියා යයි රුහිරේ