Search Song | ගීතය සොයන්න

අඩවන් දෑසින් - වික්ටර් රත්නායක (Adawan Daasin - Victor Rathnayake)

අඩවන් දෑසින් පවසනු රහසින්
ජීවිතයේ රස මේ යැයි විගසින්
පමා වෙවී ඉඳිනට නැත වේලා
කාලය ඉගිලී යයි ඉගිලී යයි
සුපුල් දෙතොල් රතු පැහැයෙන් තවරා
මීවිත උතුරා යයි උතුරා යයි
අවුල් දුහුල් වල සිහිල් පහස වැද
නංවන රංගන නොනවත්වනු මැන
ඒ ගී හඩ මුලු ජීවිතයම සතු
රස බර සුළු මොහොතයි සුළු මොහොතයි
රෑ සිහිනෙන් දිව ගා සැපතක් සේ
හෙට දින එය මිය යයි මිය යයි