Search Song | ගීතය සොයන්න

අහස පොළව - සුනිල් එදිරිසිංහ (Ahasa Polawa - Sunil Edirisinghe)

අහස පොළව වටපිටාව හරිම හිස්තැනක්
ගහක් කොලක් දියක් නොමැති කාන්තාරයක්
ඇදී එන්න ඒ මොහොතේ හඬා වැටෙන හද මඬලට
ඔබයි මමයි ඉන්නා තැන කොහෙද තනිකමක්
නැහැනෙ තනිකමක්
කණක මිණක තරුවක රුව
නොපෙණුනි ඔබ දකින තුරා
ලොවක සිරිය නොදුටිමි මා
ඔබෙ සෙනෙහස ලබන තුරා
විලක දොලක සුව නොලදිමි
ඔබ මා හා රැඳෙන තුරා
මලක සුවඳ ඇත මසිතේ
ඔබ මා ලඟ සිටින තුරා