Search Song | ගීතය සොයන්න

අහස සේ ඔබ අනන්තයි - නන්දා මාලනී (Ahasa See Oba Ananthai - Nanda Malani)

අහස සේ ඔබ අනන්තයි
සයුර සේ ඔබ අනන්තයි
මේ විශ්වයේ මා දකින්නේ
ඔබම පමනයි ඔබ අනන්තයි
වෙන තතක් හැඩවෙන තැනක් ඔබ
මදු විතක් උතුරන තැනක් ඔබ
තෙලි තුඩක් දැවටෙන තැනක් ඔබ
පන් හිදක් ගැවසෙන තැනක් ඔබ
අඩ සදක් සැගවෙන තැනක් ඔබ
රළ පෙලක් පෙරලෙන තැනක් ඔබ
සිහිලසක් දනවන තැනක් ඔබ
උනුහුමක් ගෙන එන තැනක් ඔබ