Search Song | ගීතය සොයන්න

අහිමි උනත් නුඹ ලදේ - වික්ටර් රත්නායක (Ahimi Unath Numba Lande - Victor Rathnayake)

අහිමි උනත් නුඹ ලදේ මට
හඩන්න අවසර නෑ
විලෙන් එහා ඉද නුබේ සුවද වත
එතී ආ සුලං මගෙ මුව සිම්බා
අහිමි උනත් නුඹ ලදේ මට
හඩන්න අවසර නෑ

නොපැතූ අතකට අතදුන් දවසේ
හෙලු දුක් සුසුම් මගෙ මුව සිම්බා
අහිමි උනත් නුඹ ලදේ මට
හඩන්න අවසර නෑ

නුබ කැනදන් ගිය මංගල රිය නැගි
දූලි වලාවන් මගෙ මුව සිම්බා
අහිමි උනත් නුඹ ලදේ මට
හඩන්න අවසර නෑ
කියාගන්න බැරි දුකක් නිමන්නට
නෙත හෙලු කදුලක් මගෙ මුව සිම්බා
අහිමි උනත් නුඹ ලදේ මට
හඩන්න අවසර නෑ