Search Song | ගීතය සොයන්න

අරුණළු පැතිරෙන - වික්ටර් රත්නායක (Arunalu Pathirena - Victor Rathnayake)

අරුණළු පැතිරෙන‍ හිමිදිරි යාමේ
සිතුවිලි පව්වේ පෙරදිග අහසේ
හිමියනි මම බුදුරැස් දැක ගත්තෙමි
හිමියනි මම බුදුරැස් දැක ගත්තෙමි
කළුවර ගොමුකොට ගිමන් දවන මඟ
ගමන් කලෙමි දුර සසර පුරා
පස්කම් සම්පත් එක්තැන් කරගෙන
ගමන්කලෙමි දුර සසර පුරා
මහ කරුණාවේ සිහිල ගලා එන
බුදු හිමියනි ඔබේ නෙත් දහරේ
නැහැවෙමි සසරෙහි කෙලෙස් මුදා හැර
බුදු හිමියනි ඔබේ නෙත් දහරේ