ඇස් දෙක වාගේ හිටිය දෙන්නට මේ මොකද වුනේ
ඔබෙ අත ගන්න පවා වාසනාව නැද්ද අනේ
දෙන්නට මොකද වුනේ
ඔබෙ අත ගන්න පවා වාසනාව නැද්ද අනේ
දෙන්නට මොකද වුනේ
පෙම් ලෝකයේ කොතරම් අවහිර බාධා තිබුණත්
එක හිත ඇත්නම් බෑ වෙන් කරන්න සිහිනෙන් වත්
ඔයාගේ නම රැදුනේ මගෙ මේ තොල් අතර නොවේ
උපදින හැම වාරෙම වෙන කාටත් අයිති නොවේ
එක හිත ඇත්නම් බෑ වෙන් කරන්න සිහිනෙන් වත්
ඔයාගේ නම රැදුනේ මගෙ මේ තොල් අතර නොවේ
උපදින හැම වාරෙම වෙන කාටත් අයිති නොවේ
ඔයාව අයිති නොවේ
ආදර බලකොටුවේ ඔබ සුරැකිව තබා ගමී
එන හැම දේකට එඩිතරවී මම පපුව දෙමි
අවත් කුහක ලොවේ මට පිට පිට ඇනුම් බැනුම්
එනවා ළඟට ඔබේ මැරෙන්න මොහොතකට කලින්
එන හැම දේකට එඩිතරවී මම පපුව දෙමි
අවත් කුහක ලොවේ මට පිට පිට ඇනුම් බැනුම්
එනවා ළඟට ඔබේ මැරෙන්න මොහොතකට කලින්
මැරෙන්නෙ ළඟට ඇවිත්