Search Song | ගීතය සොයන්න

ඇසේ මතුවන - අමරදේව (Asee Mathuwana - Amaradewa)

ඇසේ මතුවන කදුළු බිඳු ගෙන
ඔබේ සිරිපා දොවන්නම්
හදේ නැලැවෙන කැලෑ මල් ගෙන
ඔබේ සිරිපා පුදන්නම්

කෙලෙස් මල පිරි නුවර අතහැ‍ර
බවුන් වඩනට වනේ වැඩි ඔබ
සොයා ආවෙම් පොලෝ තලයේ
අනේ පිහිටක් නොමැති වූ විට
ඉහල නිල්වන් අහස ‍විනිවිද
නැගෙන ඔබගේ යෝධ බුදු බණ
මගේ නෙත සිත මෝහනය කර
මගේ කුදුබ‍ව පසක් කර ඇත