Search Song | ගීතය සොයන්න

ඇසුවේද කවුරුන් - සුනිල් එදිරිසිංහ (Asuweeda Kawrun - Sunil Edirisinghe)

ඇසුවේද කවුරුන් හෝ ඔබෙන්
හැඬුවේ ඇයිද ප්‍රේමේ නමින්
විමසා නැතිද කිසිදා ඔබත්
කඳුලින් තුරන් වූ ප්‍රේමයක්

සතුටේ උපත කඳුලයි සදා
හද වේදනා දෝතින් ගෙනා
පවනේ සිසිල සුසුමයි සිතේ
පෙම් ප්‍රාර්ථනා විඳදා ගෙනා
පිපි මල් මතින් පියමං කලෝ
දිනුවේද කවදා ප්‍රේමයෙන්
විඳි වේදනා සතුටින් දරා
පැරදී ගියේ කවුදෝ එයින්