දෑස නිලුපුල් තෙමා
කඳුලු මුතුවැල් සලා
දෙතොල සුසුමින් පුරා ඉකිබිඳ
හඬනු මනමාලියේ
කඳුලු මුතුවැල් සලා
දෙතොල සුසුමින් පුරා ඉකිබිඳ
හඬනු මනමාලියේ
නිහඬ හදවත් පොතේ ලියැවුනු
සොඳුරු ගී වැල් නැතේ මා තැනූ
ඔබේ කඳුලැලි මා සිතේ
නිබඳ පදවැල් ඇඳේ
සොඳුරු ගී වැල් නැතේ මා තැනූ
ඔබේ කඳුලැලි මා සිතේ
නිබඳ පදවැල් ඇඳේ
පබළු මිණිමුතු නැතේ මා සතු
කඳුළු මුතු ඇට ඔබේ මා පැතූ
තිසර පිණි ලෙස මල් මතේ
කඳුළු කොපුලේ රැඳේ
කඳුළු මුතු ඇට ඔබේ මා පැතූ
තිසර පිණි ලෙස මල් මතේ
කඳුළු කොපුලේ රැඳේ