දම්පාටින් ලා සඳ බැස යනවා
අකාසේ රන් වන් පාටයි
සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
නොදොඩා ඉන්නේ ඇයි
අකාසේ රන් වන් පාටයි
සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
නොදොඩා ඉන්නේ ඇයි
රන් පටින් සඳ මුහුණ පෙනෙනවා
වෙන්වී යන මොහොතක් නැගෙයි
දෑසට ලංව බලන් මේ මොහොතේ
ගොළුවී ඉන්නේ මං
සෙවනැලි නොමැකේ නම්
එලිය කළු නොවේ නම්
බිත්ති පුරා ඔබෙ
සෙවනැලි ඇන්දේ
තනිය මකා ගන්නයි - එනතුරු
සොයා මගේ සෙනෙහස මතුදා
එලිය කළු නොවේ නම්
බිත්ති පුරා ඔබෙ
සෙවනැලි ඇන්දේ
තනිය මකා ගන්නයි - එනතුරු
සොයා මගේ සෙනෙහස මතුදා
රෑ කල දිගුවේ නම්
ලා සඳ නොමැකේ නම්
නෙළුම් පතක රැදි පිණිබිදුවක් සේ
ලමැද තලා යනහනේ ඉන්නම්
පමාවෙලා හිරු නැගෙන තුරා
ලා සඳ නොමැකේ නම්
නෙළුම් පතක රැදි පිණිබිදුවක් සේ
ලමැද තලා යනහනේ ඉන්නම්
පමාවෙලා හිරු නැගෙන තුරා