Search Song | ගීතය සොයන්න

දිගු දෑස - රොමේෂ් සුගතපාල (Digu Daasa - Romesh Sugathapala)

දිගු දෑස දුටුවාම හැ‍ඟෙනවා පෙර සේම
උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද
බිඳ දමා මගෙ සිහිනේ ඇයිද ඔබ හැංගෙන්නේ
මට දෙන්න මගෙ සිහිනේ ලඟ ඉන්න පෙරවාගේ

රෑ දිවා හිත පුරා ඇවිලිලා මේ ගින්න
තරු පවා හඬනවා ‍ඔබට නෑ තේරෙන්නේ
හිතට හිත හිමි නැතිද අහනවා හිත මාගේ
ම‍ට දෙන්න මගෙ සිහිනේ ලඟ ඉන්න පෙර වාගේ
පෙර එදා හමුවෙලා වෙළුනු හැටි මුදු පහසේ
විදිනවා දකිනවා නිහඩ රෑ දුර අහසේ
දුරම මිස ලඟ නැතිද අහනවා නෙතුමාගේ
කවදාද ඔබ එන්නේ නැතුවාද හමුවන්නේ