දිනක අපි හමු වුණා
දිනක අපි වෙන් වුණා
පැතුම් මල් මාවතේ
කිමද අපි තනි වෙලා
දිනක අපි වෙන් වුණා
පැතුම් මල් මාවතේ
කිමද අපි තනි වෙලා
ඔබ කී කතා අසා සතුටින් බලා
සිටියේ ඔබේ අත ගෙන එන්නම් කියා
වැටහී තියේ නම් සෙනෙහේ නම්
වෙන් වෙන්නෙ නෑ ඔබ කිසිදා මෙසේ
රන් මසු සොයා ගියේ නුඹ ඇයි ළඳේ
සෙනෙහෙන් දුගී වුණේ නෑ සිත මගේ
වැටහී මගේ පැතුම් මතු දිනෙකදී
කඳුලක් නැගේවී නෙතගින් ඔබේ
සෙනෙහෙන් දුගී වුණේ නෑ සිත මගේ
වැටහී මගේ පැතුම් මතු දිනෙකදී
කඳුලක් නැගේවී නෙතගින් ඔබේ