දුහුල් මලෙක මල් පෙත්තක
එහා මෙහා පෙනෙන පරිදි
සියුම්ව ලිව්වා වූ මගේ පෙම් පණිවිඩය
සමනළයෙක් අතේ එව්ව හම්බ වුණාද
බාර ගන්න පරිස්සෙමින් තටු පොඩි නොකර
මගේ පෙම් පණිවිඩය
හම්බ වුණාදැයි කියලා ලියලා එවන්න
ඔබ වෙනුවෙන් තව දුරටත් ජීවත් වෙන්න
එහා මෙහා පෙනෙන පරිදි
සියුම්ව ලිව්වා වූ මගේ පෙම් පණිවිඩය
සමනළයෙක් අතේ එව්ව හම්බ වුණාද
බාර ගන්න පරිස්සෙමින් තටු පොඩි නොකර
මගේ පෙම් පණිවිඩය
හම්බ වුණාදැයි කියලා ලියලා එවන්න
ඔබ වෙනුවෙන් තව දුරටත් ජීවත් වෙන්න
ඔබට කැමති වූ දවසේ
දැණුනු හැඟුමේ පාට තමයි
දේදුන්නක් වෙලා දෑස් වෙත පාත් වුණේ
ඒ සතුටේ සුසුම තමයි නළ මුදු සුවදක් වී
හිත තෙත මාත්තු කළේ
ඒ බව හැඟෙනවා නම් මට කියලා එවන්න
ඒ ඇති මට ඔබ වෙනුවෙන් ජීවත් වෙන්න
දැණුනු හැඟුමේ පාට තමයි
දේදුන්නක් වෙලා දෑස් වෙත පාත් වුණේ
ඒ සතුටේ සුසුම තමයි නළ මුදු සුවදක් වී
හිත තෙත මාත්තු කළේ
ඒ බව හැඟෙනවා නම් මට කියලා එවන්න
ඒ ඇති මට ඔබ වෙනුවෙන් ජීවත් වෙන්න
ඔබ නික්මන් කළ දවසේ
උනපු කඳුලේ තරම තමයි
පොද වැස්සක් වෙලා පොළවට පාත් උනේ
ඒ කඳුලේ බලයක් තමයි මහවැලි ගඟ මැද්දේ
දිය සුළියක් වූයේ
ඒ බව දැණුනා නම් මට කියලා එවන්න
ඒ ඇති මට තව දුරටත් ජීවත් වෙන්න
උනපු කඳුලේ තරම තමයි
පොද වැස්සක් වෙලා පොළවට පාත් උනේ
ඒ කඳුලේ බලයක් තමයි මහවැලි ගඟ මැද්දේ
දිය සුළියක් වූයේ
ඒ බව දැණුනා නම් මට කියලා එවන්න
ඒ ඇති මට තව දුරටත් ජීවත් වෙන්න