Search Song | ගීතය සොයන්න

එක වසන්තයක - කසුන් කල්හාර (Eka Wasanthayaka - Kasun Kalhara)

එක වසන්තයක එක රාත්‍රියක
දැනුනා මතකයි මට ඉබේම වාගේ ඔබෙ සුවද
එක හුස්මක්වත් ගන්නට ඉඩ නැති තරමට
දැනුනා.... විතරක් මතකයි...
හද ලුහුබැද ඉව කරනා
පෙර සසරක සුපුරුදු සුවද...
ඒ ඔබේ නොවෙද එනමුදු ඒ ඔබමද
ඔබමද ඒ සොදුර
මේ වසන්තයේ හමුවෙන සුලග සමග
සසැදී පැහෙන්නට හිතයි මට....
ඔබෙ සුවද සමග මුසු වනු පිණිස
මගෙ සුසුමක් තියන්නද......
සිහිවනු පිණිස...... සොදුර....
මේ වසන්තයෙම ගතවී යන්නට පෙර
තුරුලේ ඇහිරෙන්නට පතමි මම.....
ඔබෙ සිතැගි වලට මුසු වනු පිණිස
මගෙ හැගුමක් තියන්නද...
ගිවිසනු පිණිස.... සොදුර