ගහකොළ මල් කඳුවැටි
නිසොල්මනේ අසා සිටිනවා
අපේ පෙම් පිළිසඳරේ
රස වෑහෙන සිලෝ ගීතිකා රහසේ
දෑස්වලින් කතා කරමු දෑස්වලින් රහසේ
නිසොල්මනේ අසා සිටිනවා
අපේ පෙම් පිළිසඳරේ
රස වෑහෙන සිලෝ ගීතිකා රහසේ
දෑස්වලින් කතා කරමු දෑස්වලින් රහසේ
රන් දුනුකේ මල් මුවරද
දෙතොල් විතේ රැඳී දිළේ
රැයේ අඳුරේ ඒ මීවිත මටයි
එවිට ඔබට කතා නෑ රහසේ
දෑස්වලින් කතා කරමු දෑස්වලින් රහසේ
දෙතොල් විතේ රැඳී දිළේ
රැයේ අඳුරේ ඒ මීවිත මටයි
එවිට ඔබට කතා නෑ රහසේ
දෑස්වලින් කතා කරමු දෑස්වලින් රහසේ
සීගිරියේ පෙම් සිරිසර
නිසල ලෙසින් ගල් අරඹේ
ඔබේ සෙවණේ මා ගී හඬ ගොළුයි
මුවට වදන් මතක නෑ රහසේ
දෑස්වලින් කතා කරමු දෑස්වලින් රහසේ