Search Song | ගීතය සොයන්න

ගහක මල් පිපිලා - කරුණාරත්න දිවුල්ගනේ (Gahaka Mal Pipila - Karunarathna Diwlgane)

ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
නුඹට සිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමි
නුඹට සිත බැඳි කාරනේ මම තවම සොයන්නෙමි
කතරෙ වැලි කැට හිරුට පෙම්
බැඳ ඇතත් ලෝ දහමෙන්
සොඳුරු වැස්සට දැවෙන කතරත්
ආදරෙයි පණ මෙන්
ලොවට නොපෙනෙන අරුම සෙනෙහස
ඒ වගේ මනරම්
කරනු බැරි තහනම්
සඳට සදහට සෙනේ පෑ මුත්
උදුල තරු කැටයම්
හිරුට පෙම් බැඳි එකද තරුවක්
සිටිය නොහැකිද යම්
නුඹට නොහැ‍‍‍ඟෙන මගේ ප්‍රේමය
ඒ වගේ මනරම්
පුදුම වෙයි නුඹ නම්