Search Song | ගීතය සොයන්න

එපා තවත් ඔබ - වසන්තා තිලකාංගනී (Epaa Thawa Oba - Wasantha Thilakangani)

එපා තවත් ඔබ මා රවටන්නට
ඇගේ සෙවන මුදු මල් යහනාවක් නම්
ඒ මල් යහනේ ඔබ සැතපෙනු මැනවී
අඳුරු මතකයෙන් මට සමුදෙනු මැනවී

තව මොහොතක් හෝ මේ පෙම් රංගනයේ
නිලියක වනු පල නෑ
ප්‍රේමය කිමදැයි ඔබෙන් උගත මුත්
එහි මහරුත ඔබ තව වටහාගෙන නෑ
මිරිඟු දිය සොයා මුවැත්තියක විලසේ
තවදිව යනු රිසි නෑ
අවසන් පෙම් කඳුලක් පුද දුන් පසු
ඔබට පුදන්නට මා ලඟ සෙනෙහස නෑ