හිත අස්සට හීන ගොඩක්
ගෙනල්ලා දුන්න
ඔය ඇස් දෙක අමතක කර
හිඳින්නේ කොහොම
සුළඟ වගේ මා අතහැර
දුරක යන්නට
වරද මගේ රත්තරනේ
කියලා දෙන්න
කඳුලක් කඳුලක් ගානේ පෙම දියකරලා
සුසුමක් ගානේ හදවත දුක් ගිනි අවුලා
අමතක කරලන්නට බැ මටනම් කිසිදා
ආදරේ කියාදුන්න ආදරී ඔයා
දැවුනත් දැවුනත් මියගිය පෙම සිහිකරලා
සුවන්දක්වත් නැ මතකයේ අදනම් රැඳිලා
අමතක කරලන්නට බැ මටනම් කිසිදා
ජීවිතේ කියා දුන්නු ආදරී ඔයා