Search Song | ගීතය සොයන්න

උකුලට නාවත් - රූකාන්ත ගුණතිලක (Ukulata Nawath - Rookantha Goonathilake)

මා ඔබ ළඟ අම්මේ

උකුලට නාවත් එදා වගේ
මා පොඩි පුතු අම්මේ
යොදුනක් ඈතින් උන්නත් මා
මා ඔබ ළඟ අම්මේ

කටුකොහොලින් පිරි මට හිමි ලෝකේ
ඔබ සරණි අම්මේ
රෑ දහවල් මට හෙවනැල්ලක් වී
සුවඳ ඔබේ අම්මේ
මා ඔබ ළඟ අම්මේ

අත පය දැඩි වී වැඩිහිටි වූ මා
ඔබ සෙවනේ අම්මේ
කුරා කුහුබුවෙකි නිය රැස් දහරේ
මතු මතු දා අම්මේ
මා ඔබ ළඟ අම්මේ