මේ මැයි ගහ යට
දවසක් දා වැස්සට අපි උන්නා
රතු කැට වාගේ මැයි මල් පිපි පිපී
අපට සෙවන දුන්නා
මැයි මාසේ එක සැන්දෑ වරුවක
සීතල වැහි පොද වැටෙන වෙලේ
ආදර වියෝවක් සිතින් එබෙන සඳ
වැහි පොද සේ නෙතු කඳුළු සැලේ
වැහි පොද වැටුනත් ඉස්සර වාගේ
මැයි මල් පිපුනත් රතට රතේ
අප දෙදෙනෙක් නැත අද මා පමණයි
මැයි ගස් සෙවනේ අඳුරු පෙතේ