Search Song | ගීතය සොයන්න

ගඟ අද්දර මා - විජය කුමාරතුංග (Ganga Addara Maa - Vijaya Kumarathunga)

ගඟ අද්දර මා සිහිල් සෙනෙහි සැනහී
හද සන්තක විය අනුහස් ආසිරි ගී
ඔබ හමුවේ මා මුව ගොළු වූවා
ගඟ අද්දර පෙම් කදවූ රස දැහැනේ
ඉහ ඉද්දර පිපි ප්‍රර්ථනා සිහිනේ
පිබිදුනි ආශා ගිනි සිළු සේ මා

මල්සර දුනුවර ලමැද හොවාලා ඉරණම්  පවස නිවා
සන්සුන් වූ තරමින් නොසැලෙනවද බාලේ බැඳී රන් දම්
ඔබ හා ආයේ ආයේ පෑහී තුෂාර සුසුම් හුවා
චමත්කාරයේ රන් රේඛා අප සැලෙන හැදින් දුටුවා

ගඟ අද්දර වී තෙපුල් පවන් අත‍රේ
වන පුෂ්පිත මුව සුපුල් සිනා විසිරෙ
මා හද රහසෙ බිඳුනා පහසෙ

ගඟ දිය රැලි ඔබ නාඩන් කිසි දවසෙ
ගඟ දිය සුළි මැද උණුසුම් සුව ගැවසෙ
ඔබ රුව චායා සැගෑවේ පායා