නෙලුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා
වලාකුලෙන් රුවල් දමාලා
බාලෝලියා මල් නටුවෙන් හබල් ගසාලා
පෙම් ගඟුලේ රැල්ල නගාලා
දේදුන්නෙන් එගොඩ වෙලා යමු නලවීලා
සුරංගනා ලෝකේ සොයාලා
සුරංගනා ලෝකෙදි මම සුළගක් වීලා
ඔබ නලවමි පවන් ගසාලා
පොකුණකට වෙලා මම මල් කැකුලක් වීලා
සුවඳ එවමි සුන්ලන්ගේ ඔතාලා
එවිට මල සොයා පියඹා එමි රූන් ගාලා
මම සමනලයෙකු වාගේ සැරසිලා
සොඳුරු සමනලා එන කල මලට පියඹලා
පිළිගන්නම් පෙති විහිදාලා
මැණික් කැට අරන් පෙරලෙන පහල ගල ගලා
මම නිල දිය දහරක් වෙනවා
මමත් ඒ දියේ රන්වන් පාටින් දිලෙනා
මාලුවෙක් වෙලා පීනනවා
මටත් හරි හිතයි එහෙනම් අල්ලගන්නවා
මම රිදී දැලක් වාගේ මැවෙනවා
ඔබේ දැල සැපයි මම ඒ දැලට මැදිවෙලා
පෙම් ගීයක් කියා නටනවා