Search Song | ගීතය සොයන්න

දෙගොඩ තලා ගඟ ගලා - T.M.ජයරත්න (Degoda Thala Ganga Gala - T.M. Jayarathna)

දෙගොඩ තලා ගඟ ගලා
මෙගොඩ ගොඩේ ඈ හිඳී
තොටුපලේ ගං ඉවුරේ
මා තනිවම මද අඳුරේ

මේ ගඟ ගලා ගියේ
අපි පුංචි ළමුන් දවසේ
ඇගෙ දෙපා පවා ආදරෙන් දොවා
ආදර ඒ ගඟ නෑ අද නෑ

මේ ඔරු කඳේ නැගී
බොර පාට දියේ තනිවී
මා මෙහා ඉමේ ඈ එහා ඉමේ
බාධක මේ ගඟ තාම ගලයි