Search Song | ගීතය සොයන්න

කොතනක සිටියත් ඔබ මෙලොවේ - ජෝතිපාල H.R. (Kothanaka Sitiyath Oba Melowe - Jothipala H.R)

කොතනක සිටියත් ඔබ මෙලොවේ
දිගුකල් ජීවත් වෙන්නකෝ
ඔබේ සිතට සැනසුම ගෙනදී
දිගුකල් ජීවත් වෙන්නකෝ
රැකගෙන මංගල මුදුව අතේ
දිගුකල් ජීවත් වෙන්නකෝ

හිටියත් කිසිවෙකු මෙහි ඔබ පතලා
දුටුවත් ඔහු ඔබෙ ලස්‌සන මැවිලා
සිහිකෙරුවත් පසුගිය දේ සිතලා
සිරිකත මෙන් ඔබ දිගුකල් ජීවත් වෙන්නකෝ

ඔබ එනතුරු මම තනියෙන් සිටියා
ඔබ වෙන කිසිවකු සමගින් ආවා
ඔහු දිවි රැකුමට මට වෙර ලැබුණා
පිරිසිදු ලිය ඔබ දිගුකල් ජීවත් වෙන්නෙකෝ