කුරහන් යායේ සඳ උදුරාගෙන
සිතට දුකක් දැනෙනා වේලේ
රෑ තුන් යාමේ ගැයෙනා මේ ගී
රෑ තුන් යාමේ ගැයෙනා මේ ගී
නුබට ඇසේවා සුදු නෑනේ
එදා වගේ සැදෑ අදුර
වැව් බැම්මෙන් ගලා ඇවිත්
උණ පදුරේ සෙවන සදනවා
උණ පදුරේ සෙවන සදනවා
කීව කතා යලි සිතට නැගෙනවා
මගේ පැලේ හිනැහීගෙන
මගේ පැලේ හිනැහීගෙන
සිටිනා ලෙස නුබේ රුවින්
නිදි පැදුරේ සිහින පෙනෙනවා
ඈත සිටින නුබේ නාමෙන් දෑස තෙමෙනවා