Search Song | ගීතය සොයන්න

ලා දළු බෝ පත් - කරුණාරත්න දිවුල්ගනේ (La Dalu Boo Path - Karunarathna Diwlgane)

ලා දළු බෝ පත් සෙමින් සැලෙන සේ
යශෝදරා දේවී...වාවනු බැරි තැන රහසේ හැඬුවා
පෙර සංසාරේ ඇසුර මතක් වී...

ලේන කුලේ සිට ආගිය මඟ තොට
සිටියා නොසැලෙන පහන් ටැඹක් වීනිවන් දකින තුරු මේ සංසාරේ
පසු පස ආවා සෙවනැල්ලක් වී...

තැලී සෙනේ සිත සැලී හඬන විට
වැටී දෙපා ලඟ යශෝදරාවෝ
පිපී නිවන් මල් සාධුකාර දීනිවී පහන් විය උදෑසනක් සේ..