Search Song | ගීතය සොයන්න

නින්ද නේන රාත්‍රීයේ - ජෝතිපාල H.R. (Ninda Neena Rathriye - Jothipala H.R)

නින්ද නේන රාත්‍රීයේ මේ පාළු කාන්සියේ
පායා අරුන්දතී තරුවෙන් එන්න කාන්තියේ
කුමුදු කුමාරියේ ඔබ නිදනා යහන් තලේ
කවුළුව සමීපයේ මම ඉන්නෙම් පවන් දැලේ
ඉදුනිල් නුවන් පියා සැතපෙම් රෑ නිසංසලේ
අරුණෝදයේ ඔබේ නෙතු සඟලේ කැළුම් සලා
සූරිය පෙරම්බරේ දිනු අයුරින් සිනාසිලා
සැනහේ විජිනිපතින් සනහන් මට පවන් සලා