Search Song | ගීතය සොයන්න

නුඹේ සිතට පුන්සඳ පායලා වගේ - සුනිල් එදිරිසිංහ (Nube Sithata Punsanda Paayala Wage - Sunil Edirisinghe)

නුඹේ සිතට පුන්සඳ පායලා වගේ
සිනා කිකිණි මල් පිපුණා දෙතොල දිගේ
එදා නැගුණු ආදර කැක්කුමට මගේ
ජාති ජාති නුඹ මට වාසනා නගේ
අරුංගලේ දිස්නය ඇස් දෙකට අගේ
මාල පොටේ මුතු අමුණා මුවග අගේ
දෙපෝ දාට අහසේ තරු රෑන වගේ
ආල සිතක් බැඳුණයි රන් රුවට නුඹේ
නළල් තලට මුතු තැලි පට කිමද දඟේ
අතැඟිල්ලට රන් මුදුවක් නොවෙද අගේ
ලැතැවිල්ලට මංගල පෝරුවක් කොහේ
සැනසිල්ලට දුරු රටකට යමුද නගේ